Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“දෙමළ ජනතාව LTTE ය සම්බන්ධ තොරතුරු ලබා දුන්නේ නෑ” – රනිල් වික්‍රමසිංහ

“පොහොට්ටුව - වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’ - රනිල් වික්‍රමසිංහ

“පොහොට්ටුව - වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’ - රනිල් වික්‍රමසිංහ

දෙමළ ජනතාව LTTE ය සම්බන්ධ තොරතුරු ලබා නොදුන් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දීමේ දී පවසා සිටියේය.

1983 ජනවාර්ගික අරගලයෙන් පසුව දෙමළ ජනයා LTTE ය සම්බන්ධ තොරතුරු ලබා නොදුන් බවත් කැරලි කෝලාහලවලින් වසර දෙකකට පසුව ඔවුන් LTTE ය පිළිබඳ තොරතුරු ලබා දීමට පටන් ගත් බවත් ඔහු පැවසීය.

මුස්ලිම් කාන්තාවන්ට නිකාබ් ඇඳීම තහනම් කළහොත් මුස්ලිම් ප්‍රජාව අන්තවාදී බලවේග පිළිබඳ තොරතුරු ලබා නොදෙන බව තමා සිතූ බව, ඔහු පවසා සිටියේය. එබැවින් මුස්ලිම් කාන්තාවන් නිකාබ් ඇඳීම තහනම් කිරීමේ අදහසට ඔහු අකමැති වූ බව පෙන්වා දුන්නේය.

නිකාබ් ඇඳීම තහනම් කිරීමෙන් එය මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම්වලට හානිවනු ඇති බවටත් ඇතැම්විට මුස්ලිම් ජනතාව ඉස්ලාමිය අන්තවාදී සංවිධාන පිළිබඳ තොරතුරු රජයට ලබා නොදී සිටින්න ඉඩ ඇතැයි ඔහු සිතූ බවත් පවසා සිටියේය.

ඉස්ලාමිය අන්තවාදී ව්‍යාපාර පිළිබඳව මුස්ලිම්වරුන් විවිධ තොරතුරු ලබා දී තිබුණු බවත් ඒ අනුව කටයුතු කිරීම ආරක්ෂක අංශ වෙත පැවරී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය නොකිරීම බුද්ධි අංශයේ දුර්වලතාවයක් බව ඔහු අවධාරනය කර සිටියේය.

එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ රජය අතර බරපතල විරසකයන් නොතිබුණූ බවත් සාමන්‍යයෙන් ආණ්ඩුව තුළ සුළු මතභේද පැවති බවත් ඔහු සඳහන් කළේය.

-තමිළ්වින්

Exit mobile version