Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසාදිතයින් හැංගීමට හේතුව ජනමාධ්‍ය ඔවුන් අපරාධකරුවන් කිරීමයි – ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

කොරෝනා වෛරසය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් කොවිඩ්-19 ආසාදිතයන් අපරාධකරුවන් සේ සලකා වාර්තා කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන ආකාරයට වාර්තා කිරීම බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය(SLYJA) පවසයි.

කොවිඩ්-19 පිළිබඳ වාර්තා කරන විට ඇතැම් ජනමාධ්‍ය රෝගය ආසාදනය වූවන්ගේ සහ රෝගය අසාදනය වූවායැයි සැකකරන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් කරන වාර්තා කිරීම් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම සංගමය කියයි.

වෛරසය ආසාදිතයන් සහ ආසාදනය වූවායැයි සැකකරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ සිටම ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ ආසාදිතයන් වැරදිකරුවන්යැයි යන හැඟීම මහජනතාවට ඇතිවන අයුරින් සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන අයුරින් බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

Exit mobile version