පසුගිය ‘යහපාලන‘ රජයේ වසර 2ක කාලයක් තුළ කිසිදු සේවාවක් ලබා නොදී රුපියල් කෝටි 25කට අධික මුදලක් වියදම් කර ඇති ව්‍යාපෘති කාර්යාල 5ක් වසා දැමීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රජය කටයුතු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
මෙම ව්‍යාපෘති කාර්යාලයන්ට පසුගිය වසරේදී පමණක් ව්‍යාපෘති සම්බන්ධීකරණ ඒකකයක් පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව බස්නාහිර කලාපීය මහනගර සැලසුම් ව්‍යාපෘතිය, විද්‍යා හා තාක්ෂණ නගර ව්‍යාපෘතිය, සමුද්‍රීය නගර ව්‍යාපෘතිය, ගුවන් නගර හා පරිපාලන නගර ව්‍යාපෘතිය යන ව්‍යාපෘති වලින් පසුගිය වසර 2 තුළ කිසිඳු කාර්යක් ඉටු නොකර එම කාර්ය මණ්ඩලයට පමණක් මුදල් වැය කර ඇතැයි දැනගන්නට ඇත.