Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Pornography: ළමයින් යොදා ගෙන සිදු කරන අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ නව පනත් කෙටුම්පතක්

Porn: ළමයින් යොදා ගෙන සිදු කරන අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ නව පනත් කෙටුම්පතක්

Porn: ළමයින් යොදා ගෙන සිදු කරන අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ නව පනත් කෙටුම්පතක්

ළමයින් යොදා ගෙන සිදු කරනු ලබන අශ්ලීල ප්‍රකාශන, තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ පළ කිරීමට එරෙහිව පියවර ගැනීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සහ අශ්ලීල ප්‍රකාශන ආඥාපනතේ ඇතළත් විධිවිධාන ප්‍රමාණවත් නොවන බැවින් අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ නව පනත් කෙටුම්පත් සැකසීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ළමයින් යොදා ගෙන සිදු කරනු ලබන අශ්ලීල ප්‍රකාශන, තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ පළ කිරීම මෑත කාලයේ ශිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත. එම තත්ත්වයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර (CERT) ඒකකය නීතිපතිවරයාගේ උපදෙස් මත අලුතින් පනතක් කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනයක් පිළියෙල කර ඇති අතර, එකී ලේඛනය මත පදනම්ව නව පනත් කෙටුම්පත පිළියෙල කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා අධිකරණ අමාත්‍යවරයා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

Exit mobile version