Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සතොස භාණ්ඩ නිවසේ සිට Online මිලදී ගන්න වෙබ් අඩවියක්

සතොස - lankasathosa.lk

සතොස - lankasathosa.lk

ඕනෑම අයෙකුට නිවසේ සිටම සතොස වෙළඳ සැල් මගින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා නව වෙබ් අඩවියක් www.lankasathosa.lk නමින් ඊයේ(20) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති උත්සවයකදී රටටම හඳුන්වා දෙනු ලැබීය.
ඒ අනුව මෙරටදී පමණක් නොව විදේශරටකදී වුවද සතොස මගින් ඕනෑම අයෙකුට භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන බව මෙම අඩවිය විවෘත කරමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ප්‍රථම අදියරේදී කොළඹ හා මහනුවර ප්‍රදේශවල පරිභෝගික ජනතාවට මෙම වෙබ් අඩවිය මගින් භාණ්ඩ ඇනවුම් කිරීමේදී නොමිලේම ඒවා ප්‍රවාහනය කරදීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

Exit mobile version