Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ ගූගල් සිතියමේ “චීනය” ලෙස අහසට පෙනෙන ප්‍රදේශය – තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාරයක්

‘ශ්‍රී ලංකාවේ ගුගුල් සිතියමේ “චිනය” ලෙස ලියා ඇති අහසට පෙනෙන ප්‍රදේශය’ යනුවෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණයවී තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය තම නිල ටුවිටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා ඇත.


එහි සදහන් වෙන්නෙ එම අහසට දිස්වන වචන “CHINA❤️SLK – චීනය ලංකාට ආදරෙයි ” යනූවෙන් මුල් කාලයේ නිර්මාණය කරන ලද බවත්. පසුව එම ස්ථානය නේවාසික කඳවුරක් ලෙස භාවිතයට ගෙන ඇති බවත් ඔවුන් සටහන් කර තිබුණි.

මෙලෙස CHINA යනුවන් ඉහළ අහසේ සිට් නිරීක්ෂණය වන පරිදි ගොඩනගා ඇත්තේ හම්බන්තොට, මිරිජ්ජවිල – සුරියවැව ප්‍රදේශයේ පිහිටා ඇති චීන ශ්‍රී ලංකා වරාය සේවා ආයතනය බවයි හෙළිව ඇත්තේ.

එම පණිවිඩයේ අවසානයේ ඔවුන් සටහන් කර තිබුණේ
“සංවර්ධනය සහ ආදරය පිළිබඳ කතාවක්, හමිබන්තොට වරායට සුබ පැතුම්” . යනුවෙන් ය.

එම ස්ථානය දැන් අහසට පෙන්වන ආකාරය

පෙර පැවති ආකාරය ..

Exit mobile version