Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙමළ – මුස්ලිම්, ජනතාව අතර මතභේදයට හේතුව කුමක්ද? සත්‍ය හෙළි කළ වාසුදේව

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් අත්පත් කර ගැනීම සහතිකයි. අපගේ ජයග්‍රහණයට දෙමළ-මුස්ලිම් ප්‍රජාව දායක විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත.

ජනවාර්ගික ගැටලුවලට විසඳුම් දේශපාලනයෙන් ඔබ්බට මතභේදයෙන් තොරව ලබා දෙන බව ඔහු පැවසීය. ඔහු තවදුරටත් ප්‍රකාශකර සිටියේ,

“පාර්ලිමේන්තු මැතිවරණය මෙම බදාදා පැවැත්වීමට නියමිතය. මෙම මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතරයක් අනිවාර්යෙන් ලබා ගනී. දෙමළ-මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සහාය නොදැක්වූ බව පිළිගත යුතුයි. මෙයද මෑත කාලයේ ජනවාර්ගිකව ගැටලු මතු වීමට හේතුවක් විය.”

“පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට දෙමළ-මුස්ලිම් ප්‍රජාව සහභාගී විය යුතුය. රටේ ජනවාර්ගිකයන් අතරේ පවතින ගැටලු විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් ජනතාවට ඇති මූලික ගැටළුවක් බව පිළිගත යුතුය.”
“දේශපාලන සාධක සමඟ ගැටලු කිසි විටෙකත් විසඳිය නොහැකිය. උතුරේ ජනතාවගේ මූලික දේශපාලන ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික කරගෙන විසඳුම් සෙවීමට උත්සාහ කරද්දී දකුණේ මතභේද පැන නගී.”

“දේශපාලකයින්ද මේ දක්වා ගැටළු මතුවන ආකාරයේ විසඳුම් තමයි ලබා දී තිබෙන්නේ, එබැවින් කිසිම කෙනෙකුටවත් ගැටලු මතුනොවන ආකාරයේ විසඳුම් සැපයිය යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය තුළ සියලු ජනවාර්ගික කණ්ඩායම් එක හා සමානව සලකනු ලැබේ. සංවර්ධනයන් සියලු පාර්ශවයන්ටම භුක්ති විඳීමට සැලසීමෙන් ගැටුම් මතුවන ප්‍රශ්න කිසි විටෙකත් ඇති නොවේ. එබැවින් දෙමළ-මුස්ලිම් ප්‍රජාව පොදුජන පෙරමුණෙහි ජයග්‍රහණය අර්ථවත් කළ යුතුයි.”

-IBC තමිළ්

Exit mobile version