Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැඩි ආසන සංඛ්‍යාවකින් සජිත්ව අගමැති කරනවා – අමීර් අලි

පාර්ලිමෙන්තුවේදී ශක්තිමත් නායකයෙකු ලෙස පැමිණීමට නියමිත සජිත් ප්‍රේමදාස මහතාව වැඩි ආසන සංඛ්‍යාවකින් අගමැති කරනවා. සුළු ජාතිකයන්ව ආරක්‍ෂා කරන නායකයෙකු ලෙස අපි ඔහුව විශ්වාස කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය හා සමඟි ජන බලවේගයේ අපේක්‍ෂක එම්.එස්.එස්. අමීර් අලි මහතා පවසයි.

ඕට්ටමාවඩි ප්‍රදේශයේදී අද (4) දින පැවැති සමඟි ජන බලවේගයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැස්වීම අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

“සුළු ජාතිකයන්ගේ නායකත්වය රැක ගැනීමේ අරගලය යටතේ මෙම රටේ දෙමළ හා මුස්ලිම් ජනතාව විශ්වාස කරන නායකයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා සිටිනවා. පසුගිය කාලයේදී අප සමාජයට ඇතිවූ පසුබෑම්, ගැටළු සියල්ලදීම අපව විනාශ කිරීමට තැත් කළ අවස්ථාවේදී මෙම පක්‍ෂය හා නායකත්වය අප සමාජය ආරක්‍ෂා කිරීමට විශාල කටයුත්තක් සිඳුකළ බව අමතක නොකරන්න.

මඩකළපුව දිස්ත්‍රික්කයෙන් අප එක් ආසනයක් ලබා ගැනීමේ මැතිවරණයක් ලෙස, අනාගතයේදී සජිත් ප්‍රේමදාස මහතාව අගමැති කරන මැතිවරණයක් ලෙස ඔබ සියළු දෙනාම එක්වන්න. මඩකළපුව දිස්ත්‍රික්කයෙන් දෙමළ ජාතික සන්ධානයට පසු වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබාගන්නා පක්‍ෂය සමඟි ජන බලවේගය බව අමතක නොකරන්න.

දෙමළ නායකයන්, මුස්ලිම් නායකයන් එක්වී සජිත් ප්‍රේමදාස මහතාව ශක්තිමත් කර අනාගතයේදී පාර්ලිමෙන්තුවේදී ශක්තිමත් නායකයෙකු ලෙස පැමිණීමට නියමිත ඔහුව වැඩි ආසන සංඛ්‍යාවකින් අගමැති කරමු. ඔහුව සුළු ජාතිකයන්ව ආරක්‍ෂා කරන නායකයෙකු ලෙස අපි විශ්වාස කරනවා, ඔබත් විශ්වාස කළ යුතු යැයි“ අමීර් අලි මහතා වැඩිදුරටත් පවස තිබේ.

– ස්තුතිය නිව් උදයන් –

Exit mobile version