Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සොරකම් කළ මුදල නැවත පොලීසිය වෙතම භාර දෙයි!

සොරකම් කළ මුදල තම සන්තතියේ තබා ගැනීමට බිය වූ සොරෙකු , එම මුදල නැවත පොලීසිය වෙතම භාර දුන් සිද්ධියක් සම්බන්ධයෙන් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා විය.

දින කිහිපයකට පෙර තරුණ අඹු සැමි යුවලක් උකස් කර ලබා ගත් මුදල් සමඟ තම නිවස බලා ත්‍රී රෝද රථයකින් යමින් සිටියදී, ත්‍රී රෝද රථය අවන්හලක් ඉදිරිපිට නවතා, දිවා ආහාරය බැඳගෙන නැවත ත්‍රී රෝද රථයට ගොඩ වූ විට, ත්‍රී රෝද රථයේ තිබූ මුදල් අත් බෑගය සොරකම් කර තිබුණි.

ඉන්පසුව ඔවුන් මේ පිළිබඳව මොණරාගල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

අවන්හල පිළිබඳව විමර්ශනය කරමින් සිටියදී එහි තිබූ CCTV කැමරාව පොලීසිය විසින් පරීක්ෂා කළ විට එහි මුදල් සොරකම් කළ පුද්ගලයා පිළිබඳව හෝඩුවාවන් ලැබිණි.

මේ තත්ත්වය මත, මුදල් සොරකම් කළ පුද්ගලයා මොණරාගල පොලිස් ස්ථානය වෙත තම වරද පිළිගෙන භාර වී, සොරාගත් මුදල නැවත පොලීසිය වෙත භාර කරන ලදී.

තමාට පෞද්ගලික මුදල් අවශ්‍යතාවයක් තිබූ බවත්, ත්‍රී රෝද රථය තුළ තිබූ මුදල දැක තමන් එය ගත් බවත්, එසේ වුවත් මුදල් ළඟ තබා ගැනීමට බිය වූ බවත් පවසා මුදල ඔහු නැවත පොලීසිය වෙතම භාර දෙන ලදී.

Exit mobile version