හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (24) පෙනී නොසිටි බව එම කොට්ඨාසය ප්රකාශ කළා.
කෙසේ වෙතත්, ඇය මේ වනවිට ප්රතිකාර සඳහා සිංගප්පූරුවේ රැඳී සිටින බැවින් මේ වෙනුවෙන් ඉදිරි දිනයක් ලබාදෙන ලෙස එම පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.
‘සිරිලිය සවිය’අරමුදල් ගිණුමේ සිදුවූ බව කියන මූල්ය ගනුදෙනු සහ අක්රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂට අද පොලිස් මුල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

