Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට

පාන් මිල ඉහළට

පාන් මිල ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති එම්. කේ ජයවර්ධන මහතා පැවසවේ, තිරිඟු පිටි ආනයනික සමාගම් වලින් පෙරේදා සෙනසුරාදා (29) දිනයේ පාන් පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමත් සමඟ මෙලෙස පාන් ගෙඩියක මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවය.

මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදු නොවන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Exit mobile version