රුසියානු S7 Airlines, සයිබීරියාවේ Novosibirsk සහ කොළඹ අතර නව ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
නව ගුවන් ගමන් 2026 දෙසැම්බර් 20 වැනිදා සිටයි ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ.
සමස්ත ගමන් කාලය පැය 10ක් පමණ වන, නව ගුවන් ගමන් සතියකට දෙවරක්, එනම් බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ඉන්දියාවේ Jaipur හි තාක්ෂණික නැවතුමක් සහිතව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Novosibirsk හි Tolmachevo ගුවන් තොටුපළෙන් බ්‍රහස්පතින්දා පෙරවරු 5.15ට සහ ඉරිදා පෙරවරු 5.00ට ගුවන්යානා පිටත්වීමට නියමිත අතර, පස්වරු 1.40ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතව තිබේ.
කොළඹ සිට ආපසු ගුවන් ගමන් එම දිනවල පස්වරු 2.50ට පිටත්වී පසුදා අලුයම 2.15ට Novosibirsk වෙත ළඟා වනු ඇත.
නව ගුවන් මාර්ගය සඳහා ගුවන් ටිකට්පත් මේ වන විටත් අලෙවියට නිකුත් කර තිබේ.

