Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර කොළඹ වරාය 20 වන ස්ථානය දක්වා ඉහළට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරාය 20 අතරට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරාය 20 අතරට

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ශක්තිය තවදුරටත් තහවුරු කරමින් කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 26 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇතැයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සදහන් කරයි.

2026 වසරේ පළමු අර්ධයේදී TEU මිලියන 4.44ක් හසුරුවමින්, පසුගිය වසරට සාපේක්ෂව 11.9%ක වර්ධනයක් වාර්තා කිරීමට කොළඹ වරාය සමත්ව ඇත.

ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ යුරෝපය සම්බන්ධ කරන ප්‍රධාන ඉන්දීය සාගර ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ ගෝලීය වැදගත්කම මෙම ජයග්‍රහණය මඟින් තවදුරටත් තහවුරු වේ.

මෙය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා ආර්ථික අභිලාෂයන් සඳහා වැදගත් සන්ධිස්ථානයක් බවද අමාත්‍යංශය සදහන් කරයි.

Exit mobile version