Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දඩයක්කරුවන් තැබූ ගින්නකින් හබරණ හුරුළු ඊකෝ පාර්ක් රක්ෂිතයේ අක්කර 100කට වැඩි ප්‍රමාණයක් විනාශ වේ

හබරණ හුරුළු රක්ෂිතයේ ගින්නකින් අක්කර 100කට වඩා විනාශයි

හබරණ හුරුළු රක්ෂිතයේ ගින්නකින් අක්කර 100කට වඩා විනාශයි

හබරණ හුරුළු පාරිසරික උද්‍යාන රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර සියයකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

අද (23) පස්වරු 2.30ට පමණ මෙම ගින්න හටගෙන තිබේ.

වන සංරක්ෂණ නිලධාරීන් සඳහන් කර ඇත්තේ වනයට ඇතුළු වූ දඩයක්කරුවන් විසින් මෙසේ ගිනි තබන බවයි. ‍

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් එක්ව ගින්න නිවීමට කටයුතු කළ බව හබරණ පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධව හබරණ වන සංරක්ෂණ නිලධාරීන් සහ හබරණ පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබන අතර මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවටගෙන නොමැති බව සඳහන් වෙයි.

Exit mobile version