Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිල්දිය පොකුණේ සංචාරක කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු වනජීවි අධීක්ෂණය යටතේ ආරම්භ කිරීමට අනුමැතිය

නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු වනජීවි අධීක්ෂණය යටතේ ආරම්භ කිරීමට අනුමැතිය

නිල්දිය පොකුණ සංරක්ෂණය කළ යුතු දුර්ලභ ගණයේ ස්වභාවික සම්පතක් වීම හේතුවෙන් එම ස්ථානයේ සංචාරක කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කරඳගොල්ල ග්‍රාම නිලධාරි වසමේ රාවණා ඇල්ල අභයභූමියේ අභ්‍යන්තර ගුහා සංකීර්ණයක් තුළ පිහිටි නිල්දිය පොකුණ ඉතා දුර්ලභ ගණයේ ස්වභාවික ජල මූලාශ්‍රයක්.

එම ස්ථානය එහි පවතින සුවිශේෂ භූගෝලීය ලක්ෂණ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රියත්වයට පත් සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේ.

ඒ සඳහා යෝජනා සහ නිර්දේශ ලබා ගැනීම පිණිස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අදාළ රාජ්‍ය ආයතන නියෝජනය වන පරිදි තාක්ෂණික කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කලේය.

එකී වාර්තාවේ ඇතුළත් යෝජනා හා නිර්දේශ මත පදනම්ව, සංචාරක කටයුතු නියාමනය කිරීම සඳහා සකස් කරන ලද නියෝග නීති කෙටුම්පත් සම්පාදක විසින් පරීක්ෂා කර බලා තහවුරු කර තිබේ.

ඒ අනුව, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධාන අනුව අදාළ නියෝග ගැසට් පත්‍රයේ පළ කර ප්‍රකාශයට පත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කලේය.

Exit mobile version