Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෑම ග්‍රාම නිලධාරී වසමකටම පුහුණු ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව පියවරක්

සෑම ග්‍රාම නිලධාරී වසමකටම නිසි පුහුණුව ලත් ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක්

සෑම ග්‍රාම නිලධාරී වසමකටම නිසි පුහුණුව ලත් ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක්

ලංකාවේ සියලු ග්‍රාම නිලධාරී වසම් සඳහා නිසි පුහුණුව ලත් ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අනතුරකට ලක්වූ පුද්ගලයකු රෝහල් ගත කරන තෙක් නිසි ප්‍රථමාධාර ලබා දීමටත් අනතුරට ලක්වූ පුද්ගලයාට තව දුරටත් හානි නොවන සේ සුරක්ෂිතව රෝහල් ගත කිරීමත් අරමුණු කර ගනිමිනුයි මෙම සේවාව සැපයෙන්නේ.

සෑම ග්‍රාම නිලධාරී වසමකටම අවම වශයෙන්, නිසි පුහුණුව ලත් තරුණ ප්‍රථමාධාර ලබා දෙන්නන් දෙදෙනෙක් මේ සදහා යෙදවීමට බලාපොරොත්තු වේ

වැඩසටහනේ සමාරම්භක උත්සවය හා පළමු කණ්ඩායම සඳහා නිල වශයෙන් පුහුණුව ආරම්භ කිරීම මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අද (30) පෙරවරුවේ සිදු කෙරුණා.

මේ අනුව මූලික අදියරේ දී දිවයින පුරා තරුණ තරුණියන් 28,000 ක් රටපුරා පුහුණු මධ්‍යස්ථාන වලදී පුහුණු කෙරෙනු ඇති.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාව මෙම වැඩසටහන සංවිධාන කරනු ලබයි.

Exit mobile version