මිල්කෝ ආයතනය යටතේ දැවැන්ත කිරි කර්මාන්ත ශාලාවක් විවෘත කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. මිල්කෝ ආයතනයේ ණය ගෙවා අවසන් කර ඇති අතර, එය මේ වන විට ලාභ ලබන තත්ත්වයක පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

