Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රඛිත, චරිත් ඇතුළු සැකකරුප්වන් තිදෙනා යළි රිමාන්ඩ්

රඛිත, චරිත් ඇතුළු සැකකරුවන් තිදෙනා යළි රිමාන්ඩ්

රඛිත, චරිත් ඇතුළු සැකකරුවන් තිදෙනා යළි රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ තිදෙනා, ලබන ජූලි 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැති අයගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් පසුගියදා මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

විමර්ශනවලට අනුව, ‘හරක් කටා’ නැමැත්තා රැඳවුම් භාරයේ සිටියදී ඔහුට සහන සැලසීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එම චෝදනා මත සැකකරුවන් මීට පෙරද රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

Exit mobile version