හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි සඳහන්.
පසුගිය දිනක ඔහු පානදුර ප්‍රදේශයේ තමන්ට අයත් නිවසක සිටින බවට නිලධාරින්ට ලැබී තිබූ තොරතුරකට අනුව එහි ගියද එම අවස්ථාවේදී සරත් වීරවංශ මහතා එහි නොසිටි බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් ඔහු ගම්පහ සිටින බවට ලද තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එහි ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

