Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහි­න්ද කෝටි 100ක අල්ලස් මුද­ලක් ගැනීම සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­ස­මට පැමි­ණි­ල්ලක්

මහි­න්ද කෝටි 100ක අල්ලස් මුද­ලක් ගැනීම සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­ස­මට පැමි­ණි­ල්ලක්

මහි­න්ද කෝටි 100ක අල්ලස් මුද­ලක් ගැනීම සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­ස­මට පැමි­ණි­ල්ලක්

හමුදා මූල­ස්ථා­නය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝට­ල­යට විකි­ණී­මේදී හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා ඩොලර් මිලි­යන 5ක (කෝටි 100) අල්ලස් මුද­ලක් ගැනීම සම්බ­න්ධ­යෙන් අල්ලස, දූෂ­ණ­යට නාස්ති­යට එරෙහි පුර­වැසි බලය සංවි­ධා­නය අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වට පැමි­ණි­ල්ලක් කර තිබේ.

හමුදා මූල­ස්ථා­නය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝට­ල­යට විකි­ණී­මේදී ඩොලර් මිලි­යන 05 (කෝටි 100)ක් අල්ලස් වශ­යෙන් සිංග­ප්පූ­රුවේ විද­ම්බ­රම් යන පුද්ග­ලයා දිවු­රුම් ප්‍රකා­ශ­ය­කින් පවසා ඇති ආකා­ර­යට ටී.පී.එල්. ඉත්මා සමා­ගම හා හෙලි­යාට් යන උප­දේ­ශන සේවා සප­යන සමා­ග­මක් හරහා මුදල් ලබා දී ඇති බව සජින් වාස් ගුණ­ව­ර්ධන මාධ්‍ය ඉදි­රියේ ප්‍රකාශ කර ඇතැ­යිද පැමි­ණිල්ලේ සඳ­හන් කර ඇත.

එසේම එම මුදල් ආයෝ­ජ­නය කර තංගල්ල ප්‍රදේ­ශයේ හෝට­ල­යක් මිල දී ගැනීම හා C.S.N. මාධ්‍ය ජාල­යට මුදල් ලබා දී ඇති බවත්, මෙම දිවු­රුම් ප්‍රකා­ශයේ තව දුර­ටත් LOLC හරහා මුදල් ලංකා­වට පැමිණි මුදල් විශු­ද්ධි­ක­ර­ණය වී ඇති බවත් සඳ­හන් කර තිබේ. ඊට අදාළ බැංකු ගිණුම් අංක­යක් ද මොහු විසින් සඳ­හන් කරයි. මෙම දිවු­රුම් ප්‍රකා­ශ­කරු ඕනෑම අධි­ක­ර­ණ­ය­කට පැමිණ සාක්ෂි දීමත්, අනෙ­කුත් ඊමේල් පණි­විඩ ලිය කිය­වි­ලි­වල සට­හන්ව ඇති බවට සජින් වාස් ගුණ­ව­ර්ධන ප්‍රකාශ කර ඇතැ­යිද පැමි­ණිල්ලේ සඳ­හන්ය.

එබැ­වින් සජින් වාස් ගුණ­ව­ර්ධන කැඳවා අවශ්‍ය ප්‍රකා­ශ­යක් සට­හන් කර ගැනී­මෙන් මෙම දූෂණ ක්‍රියා­ව­ලිය සම්බන්ධ තොර­තුරු හෙළි කර ගැනී­මට හැකි­යාව පව­තින බවත් මේ සඳහා කඩි­නම් පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර නීති­මය කට­යුතු සිදු කරන ලෙසත් අල්ලස හෝ දූෂ­ණ­යට එරෙහි පුර­වැසි බලය සංවි­ධා­නයේ සභා­පති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමි­ස­මට පැමි­ණි­ල්ලක් සිදු කර­මින් ඉල්ලා සිටී.

Exit mobile version