Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි

සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි

සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමත්, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින්, සෞඛ්‍ය කාර්ය සහායක (SKS) තනතුර සඳහා බඳවාගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ මරදාන ටවර් පරිශ්‍රයේදී පැවැත් විය.

මෙම බඳවාගැනීම මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉතිහාසයට එක්වන සුවිශේෂී අවස්ථාවක් වන අතර, කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොරව සම්පූර්ණයෙන්ම අයදුම්පත් කැඳවා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය මත පදනම්ව සිදුකළ සෞඛ්‍ය කාර්ය සහායක බඳවාගැනීමක් ලෙස ඉතිහාසගත වේ.

මෙය රාජ්‍ය සේවයේ විනිවිදභාවය, සාධාරණත්වය සහ කුසලතා පදනම් මත පත්කිරීම් ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කරන ආදර්ශමත් පියවරක් ලෙස සැලකිය හැකියි.

මෙම 627කින් සමන්විත සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යම රජය යටතේ පාලනයවන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුත්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ

Exit mobile version