Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි

ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි

ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි

ඉබෝලා වෛරසය සඳහා වන ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

ඉබෝලා වෛරසය සඳහා වන ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ කොංගෝ රාජ්‍යයේ දී බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

දැනට කොංගෝ රාජ්‍ය තුළ ඉබෝලා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන අතර තත්ත්වය පාලනය කිරීම සඳහා මෙලෙස ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කර තිබේ

අත්හදා බැලීම් සඳහා කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වෛරසය ආසාදිතයෙකු යොදාගත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හ්නෝම් පවසන්නේ.

මේ වන විට කොංගෝ රාජ්‍යයෙන් පමණක් ඉබෝලා වෛරස ආසාදිතයින් 1400කට අධික සංඛ්‍යාවක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 438ක්. වෛරසය සඳහා මේ වන තෙක් අනුමත එන්නතක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වාදී නැහැ.

Exit mobile version