සර්බියාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන බව නිවේදනය කර තිබේ.
සර්බියාවේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් පසුගිය කාලය පුරා එරට තරුණ කණ්ඩායම් රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ පැවැත්විණ.
2024 නොවැම්බර් මාසයේදීයි එම විරෝධතා ආරම්භ කෙරුණේ.
ඊයේ (27) දිනයේ දී බෙල්ග්‍රේඩ් හි රැළියක් අමතමින් සර්බියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසික් සඳහන් කළේ ඉදිරි සති කිහිපය ඇතුලත දී තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
අනතුරුව ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන බවද ඔහු පවසා සිටියි.
එම මැතිවරණයන්ගෙන් පෙර කිසිදාක නොලද ජයග්‍රහණයක් ලබා ගැනිමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළ කලේය.

