Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බොර­තෙල් මිල ඩොලර් 80 සීමා­වෙන් පහ­ළට

බොර­තෙල් මිල ඩොලර් 80 සීමා­වෙන් පහ­ළට

බොර­තෙල් මිල ඩොලර් 80 සීමා­වෙන් පහ­ළට

මාස හත­ර­කට ආසන්න කාල­යක් ගෝලීය බල­ශක්ති අර්බු­ද­යක් නිර්මා­ණය කළ ඉරාන යුද ගැටුම් අව­සන් වීමත් සමඟ ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් මිල වාර්තා­ගත අයු­රින් පහළ යමින් පව­තින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද ගැටුම් ආර­ම්භ­යේ­දීම ඉරාන ආර­ක්ෂක හමු­දාව ලෝක වෙළෙ­ඳ­පොළේ දෛනික බොර­තෙල් සැප­යු­මෙන් 20%ක් ප්‍රවා­හ­නය කරන හෝමූස් සමුද්‍ර සන්ධිය අව­හිර කිරී­මෙන් උද්ගත වූ අර්බු­දය නිමා­වට පත්වන බවට අමෙ­රි­කාව සහ ඉරා­නය නිවේ­දන නිකුත් කිරි­මෙන් පසුව ඊයේ (17) පස්ව­රුව වන විට බ්‍රෙන්ට් දර්ශ­කයේ බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 78.40 දක්වා සහ ටෙක්සාස් දර්ශ­කයේ බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 75.29 දක්වා පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. මෙය පසු­ගිය මාර්තු මාස­යෙන් පසු වාර්තා වූ අවම මිල බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඉරාන වරා­යන් වෙත අමෙ­රි­කා­වෙන් පනවා තිබූ අව­හි­ර­තාව ඉවත් කිරී­මෙන් පසු මැද­පෙ­ර­දිග රට­ව­ලින් සහ ඉරා­න­යෙන් බොර­තෙල් සැප­යුම නැවත යථා තත්ත්ව­යට පත්වනු ඇතැයි ජාත්‍ය­න්තර බොර­තෙල් නිෂ්පා­ද­ක­යන් සහ නෞකා සමා­ගම් දැඩි විශ්ව­ාස­යෙන් පසු­වන බවත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී සිටින නාවි­ක­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මෙන් පසු ඉදි­රි­යේදී ගෝලීය බොර­තෙල් වෙළෙ­ඳ­පොළ නැවත ශක්ති­මත් වනු ඇති බවත් ජාත්‍ය­න්තර බල­ශක්ති විශේ­ෂ­ඥ­යන් අනා­වැකි පළ කර ඇතැයිද වාර්තා වේ.

Exit mobile version