Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක්

කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක්

කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක්

කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.

ඒ දේශීය හා විදේශීය ‍වෙළඳපොළ තුළ ඉතා ඉහළ වටිනාකමක් සහිත කෝපි වගාව මෙරට තුළ ව්‍යාප්තිය වැඩිකිරීමේ අරමුණ මතය.

කෝපි වගා කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගත යුතු අතර ඊට යටත්ව සිදු කරන වගාවන් සඳහා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වාදීමට නියමිත බව සඳහන්‌ වේ.‍

මෙහිදී, කෝපි පැල සිටුවීමෙන් අනතුරුව පළමු වර්ෂ තුන සඳහා ඒ ඒ වර්ෂවලට අදාළව රක්ෂිත මුදලින් සියයට හතක වාර මුදලක් යටතේ රක්ෂණාවරණයක් නිකුත් කරනු ඇත.

ඒ අනුව පළමු වර්ෂය සඳහා රුපියල් 510,000ක්ද දෙවන වර්ෂය සඳහා රුපියල් 660,000ක්ද තෙවන වර්ෂ සඳහා රුපියල් 840,000 වශයෙන් රක්ෂණාවරණයක් හිමි වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කෝපි වගා කිරීමේදී මුහුණදීමට සිදුවන නියඟය, ගංවතුර, වන අලි හානි, පාලනය කළ නොහැකි ශාක රෝග සහ කෘමි උවදුරු මා වෙනත් සත්ත්ව හානි මේ මඟින් ආවරණය කරනු ලැබේ.

එක් එක් ආවරණයක් සඳහා රක්ෂිත මුදලින් සියයට 0.5ක අමතර වාරිකයක් යටතේ හදිසි ගිනි ගැනීම්, නායායෑම යන අමතර අවාරණ ලබාගැනීමට ද මේ මඟින් කෝපි වගාකරුවන් වෙත අවස්ථාව සලසාදී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version