Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව RCEP සංවිධානයේ සාමාජිකත්වය ගැනිමට සූදානම් වෙයි

ශ්‍රී ලංකාව RCEP සංවිධානයේ සාමාජිකත්වය ගන්න සූදානම් වෙයි

ශ්‍රී ලංකාව RCEP සංවිධානයේ සාමාජිකත්වය ගන්න සූදානම් වෙයි

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික පියවර ශ්‍රී ලංකාව සාර්ථකව තබා ඇති බව විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සිට අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම සංචාරය අතරතුර සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගනිමින්, RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙපළක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ගෝලීය ජනගහනය මෙන්ම ආර්ථික නිපැයුම් අතින් ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP ආසියානු පැසිපික් කලාපයේ ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා රටවල් 15ක සහභාගීත්වයෙන් පිහිටුවා ඇත.

මෙයට බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන ආසියාන් (ASEAN) කලාපීය සාමාජික රටවල් 10 මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන සෙසු ප්‍රධාන ආර්ථික බලවතුන්ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව මෙම කලාපීය හවුල්කරුවන් සමඟ ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත්ව තර කරගැනීමේ අරමුණින් RCEP සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු ආරම්භ කර ඇති අතර, විදේශ අමාත්‍යවරයා කැන්බරා සිට දැක්වූ අදහස් අනුව මෙම සංචාරය ඒ සඳහා ශක්තිමත් පදනමක් දමා ඇත.

මෙම නිල සංචාරයේ දී එළඹි තවත් සුවිශේෂී එකඟතාවක් වනුයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඍජු ගුවන් සබඳතා තවදුරටත් වර්ධනය කිරීමයි.

එළඹෙන අගෝස්තු මාසයේ සිට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Exit mobile version