Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ බැංකු­වෙන් “Be Scam Proof” ජාතික මෙහෙ­යු­මක්

මහ බැංකු­වෙන් “Be Scam Proof” ජාතික මෙහෙ­යු­මක්

මහ බැංකු­වෙන් “Be Scam Proof” ජාතික මෙහෙ­යු­මක්

වංචා­කාරී පිර­මීඩ ජාවා­රම්, වගා ව්‍යාපෘති සඳහා මුදල් තැන්පතු භාර ගැනීම සහ අධික මුදල් සහ ප්‍රති­ලාභ ලබා­දෙන බවට පව­ස­මින් රට පුරා ක්‍රියා­ත්මක මූල්‍ය මගඩි සහ වංචා­ව­ලින් ජන­තාව සුරැ­කී­මට මහ බැංකු­වෙන් “Be Scam Proof” ජාතික මෙහෙ­යු­මක් ඉකුත් අඟහරුවාදා (02) ආරම්භ කළේය.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පව­තින විවිධ මූල්‍ය වංචා­ව­ලින් මහ­ජ­න­තාව ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය යහ­පැ­වැත්ම තහ­වුරු කිරීමේ අර­මු­ණින් කොළඹ කොටුව මහ බැංකු මූල­ස්ථා­න­යේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙම සමා­ර­ම්භක උත්ස­වය පැවැ­ත්විණි.

වංචා­ක­රු­වන්ගේ ගොදුරු බවට පත්වන ජන­තාව ඉන් බේරා ගැනීමේ අද­හ­සින් නව වැඩ­පි­ළි­වෙළ ආරම්භ කළ බව අද­හස් දක්ව­මින් මහ බැංකු අධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

නීත්‍ය­නු­කූල මූල්‍ය ආය­තන සහ නීති­වි­රෝධි මූල්‍ය ක්‍රම පිළි­බ­ඳව මහ­ජ­න­තාව සතු දැනුම අඩු­වීම වංචා­ක­රු­වන් සිය වාසි­යට හරවා ගන්නා බවයි. සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල ක්‍රියා­ත්මක වන පිර­මීඩ ජාවා­රම්, නීති­වි­රෝධි තැන්පතු ලබා ගැනීම් සහ අධික ලාභ ලබා දෙන බවට පොරොන්දු වන ආයෝ­ජන වංචා හේතු­වෙන් රටේ දුප්ප­ත්කම පිටු­දැ­කී­මට ද දැඩි බාධා එල්ල වන බව ඔහු අව­ධා­ර­ණය කළේය.

මූල්‍ය සාක්ෂ­ර­තා­වයේ වැද­ග­ත්කම මෙම මාස­යක් පුරා ක්‍රියා­ත්මක වන “Be Scam Proof” ජාතික දැනු­වත් කිරීමේ ව්‍යාපා­රය, මෙරට මූල්‍ය සාක්ෂ­ර­තා­වය ඉහළ නැංවීමේ ජාතික වැඩ­පි­ළි­වෙළේ සුවි­ශේෂී සන්ධි­ස්ථා­න­යක් ලෙස සැලකේ. මහ­ජ­න­තාව දැනු­වත් කිරීම ජාතික වග­කී­මක් ලෙස සලකා මෙම පිය­වර ගත් බව අධි­ප­ති­ව­රයා මෙහිදී සඳ­හන් කළේය.

මූල්‍ය වංචා­වන්ට හසු­වන පිරිස බේරා ගැනී­මට තනිව කට­යුතු කොට නොහැකි බව අව­ධා­ර­ණය කළ අධි­ප­ති­ව­රයා එය සමූහ ප්‍රය­ත්න­යක අව­ශ්‍ය­තා­වක් බවද කීය.

මූල්‍ය වංචා මර්ද­නය කිරීම මහ බැංකු­වට පම­ණක් තනිව කළ නොහැකි බවත්, ඒ සඳහා ක්ෂේත්‍ර කිහි­ප­යක සහ­යෝ­ගය අත්‍ය­වශ්‍ය බවත් මෙහිදී අව­ධා­ර­ණය කළේය. ඒ අනුව විශේ­ෂ­යෙන්ම මාධ්‍ය ආය­තන, මූල්‍ය ආය­තන, විදුලි සංදේශ සේවා සප­ය­න්නන් සහ නීතිය බලා­ත්මක කරන ආය­තන එක්ව කට­යුතු කළ යුතු බව සඳ­හන් කළේය.

එලෙස කට­යුතු කිරී­මෙන් පම­ණක් මෙම මූල්‍ය වංචා මැඬ­පැ­වැ­ත්විය හැකි බව මහ බැංකු අධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

මෙම ජාතික මෙහෙ­යුම හරහා ශ්‍රී ලාංකික ජන­තා­වගේ මූල්‍ය සුර­ක්ෂි­ත­තා­වය තහ­වුරු කිරීම මහ බැංකුවේ මූලික බලා­පො­රො­ත්තු­වයි.

Exit mobile version