Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉබෝලා රෝගයට එන්නතක් සොයා ගැනීමට තවත් මාස 09ක් – WHO

ඉබෝලා රෝගයට එන්නතක් සොයා ගැනීමට තවත් මාස 09ක් ගතවිය හැකි - WHO

ඉබෝලා රෝගයට එන්නතක් සොයා ගැනීමට තවත් මාස 09ක් ගතවිය හැකි - WHO

ඉබෝලා රෝගයට එන්නතක් සොයා ගැනීමට මාස 09ක් ගතවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

අපේක්ෂිත එන්නත් දෙකක් සංවර්ධනය වෙමින් පවතින නමුත්, ඒ දෙකම තවමත් සායනික අත්හදා බැලීම්වලට භාජනය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක ආචාර්ය වාසි මූර්ති බදාදා පැවසීය.

මේ අතර ඉබෝලා බවට සැක සහිත රෝගීන් 600 දෙනෙකු මේ වන විට හමුවී ඇති අතර මරණ 139ක් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් කියා සිටියි.

ජිනීවා හිදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු පැවසුවේ මිය ගිය රෝගීන්ගෙන් 51 දෙනෙකු කොංගෝ රාජ්‍යයේ බවයි.

මෙය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි අවස්ථාවක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශයට පත්කළේය.

ඉබෝලා විශබීජය ශරීර තරල සමග සෘජු ස්පර්ශයකින් සහ කැඩුණු සම හරහා පැතිරෙන අතර දරුණු රුධිර වහනයක් සහ අවයව අක්‍රිය වීමත් ඇති කරන රෝගයකි.

Exit mobile version