Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හාර කෝටි­ය­කට වැඩි ‘කුෂ්’ තොග­යක් සමග ගුවන් මගියා අත්අ­ඩං­ගු­වට

හාර කෝටි­ය­කට වැඩි ‘කුෂ්’ තොග­යක් සමග ගුවන් මගියා අත්අ­ඩං­ගු­වට

හාර කෝටි­ය­කට වැඩි ‘කුෂ්’ තොග­යක් සමග ගුවන් මගියා අත්අ­ඩං­ගු­වට

රුපි­යල් හාර කෝටි තිස් අට ලක්ෂ අනූ දහ­සක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොග­යක්, මෙර­ටට රැගෙන විත්, ඒවා කටු­නා­යක ගුව­න්තො­ටු­පළ පැමි­ණීමේ පර්ය­න්තයේ හරිත මාවත ඔස්සේ පිට කර­ගෙන යෑමට තැත් කළ විදේ­ශීය ගුවන් මගි­යකු ඉකුත් බදාදා (13) අලු­යම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මොහු 29 හැවි­රිදි වියේ පසු­වන ඉන්දීය ජාතික ව්‍යාපා­රි­ක­යෙකි.

අලු­යම 12.30ට තායි­ල­න්තයේ බැංකොක් නුවර සිට තායි ගුව­න්යා­න­ය­කින් කටු­නා­යක ගුව­න්තො­ටු­පළ වෙත පැමිණ තිබුණි.

ඔහු රැගෙන ආ ගමන් මලු 02ක පැකැට් 4ක් ලෙස අසුරා, සකස් කර­ගෙන මේ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 389ක ප්‍රමා­ණය සඟ­වා­ගෙන තිබුණි.

වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා මේ ඉන්දීය ජාතික ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය, කටු­නා­යක ගුව­න්තො­ටු­පළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රින් වෙත භාර දීමට පිය­වර ගෙන තිබේ.

Exit mobile version