Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනයට ඇමෙරිකා රජයේ නිල අනුමැතිය

ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනයට අමෙරිකා රජයේ නිල අනුමැතිය

ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනයට අමෙරිකා රජයේ නිල අනුමැතිය

ඇමෙරිකා එක්සත් ජනපදය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේ දී “සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත” (MMPA) යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත්වීමත් සමඟ, මෙරට මුහුදු කකුළුවන් (Blue Swimming Crab) අමෙරිකානු වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා පැවති බාධා ඉවත් වී ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන National Oceanic and Atmospheric Administration – NOAA විසින් නිල වශයෙන් දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත රෙගුලාසි ඇමෙරිකානු ප්‍රමිතීන්ට අනුකූල (Comparable in effectiveness) බවට තහවුරු වී ඇති බවයි.
මීට පෙර 2025 නොවැම්බර් මාසයේ දී අමෙරිකානු අධිකරණ තීන්දුවක් මත මෙම අපනයන කටයුතුවලට යම් බලපෑමක් එල්ල වුව ද, ධීවර දෙපාර්තමේන්තුව NARA ආයතනය සහ අදාළ අංශ විසින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක දත්ත සහ කරුණු සැලකිල්ලට ගනිමින් NOAA ආයතනය සිය තීරණය යළි සමාලෝචනය කර මෙම අනුමැතිය ලබා දී ඇත.

මෙම අනුමැතියේ විශේෂ කරුණු කිහිපයක් පහත දැක්වේ:

1. අපනයන අයිතිය තහවුරු වීම : අමෙරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමට නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු “ප්‍රමිති අනුකූලතා සහතිකය” (Comparability Finding) මේ හරහා ශ්‍රී ලංකාවට හිමි වේ.

2. වලංගු කාල සීමාව: මෙම නිල අනුමැතිය 2029 දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වන අතර, එම කාලය තුළ ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනය කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැකිය.

3. පරිසර හිතකාමී ධීවර කර්මාන්තය: මසුන් ඇල්ලීමේ දී ඩොල්ෆින්, තල්මසුන් වැනි සාගර ක්ෂීරපායීන්ට හානි නොවන පරිදි ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේද මෙහි දී ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත.

Exit mobile version