Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුරුණෑගල නි. නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කුරුණෑගල නි. නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කුරුණෑගල නි. නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කුරුණෑගල මහනගර සභාවේ නි. නගරාධිපති අසාර්දින් මොයිනුධීන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ ඔහු, එම නගර සභාවේ බලය පිහිටුවීමේදී සිය සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට කටයුතු කළා.

අනතුරුව එහි නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වුණා.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බව පැවසෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා බත්තරමුල්ල ප්‍රදේශයේදී අල්ලස් කොමිසම විසින් සිකුරාදා (08) අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී.ඩබ්.ප්‍රේමචන්ද්‍ර මහතාද පසුගිය 06 වැනිදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණා.

Exit mobile version