Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(04) තීන්දු කළේය.

තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

ඉදිරිපත් වූ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව නියෝග කළේය.

Exit mobile version