Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

වසර 20කට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පවතාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ ඒ ආශ්‍රිත භූමිය නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට මසක් වැනි කාලයක් තුළ පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දැනුම්දීමක් කර තිබුණි.

ඒ අනුව ඊයේ දින (02) පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම පදනම් ගොඩනැගිලි සහ භූමිය නැවත පවරාදීම මහින්දානන්ද පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා විසින් සිදු කරන ලදී.

ඉදිරියේදී මෙම ඉඩම ජනතාවට ප්‍රයෝජනයක් වන මහජන පොළ භූමියක් හා වෙනත් ආයතන සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බවද සඳහන් වේ.

Exit mobile version