Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එමි­රේට්ස් රාජ්‍යය ‘ඔපෙක්’ සංවිධානයෙන් ඉව­ත් වෙයි

එමි­රේට්ස් රාජ්‍යය ‘ඔපෙක්’ සංවිධානයෙන් ඉව­ත් වෙයි

එමි­රේට්ස් රාජ්‍යය ‘ඔපෙක්’ සංවිධානයෙන් ඉව­ත් වෙයි

මැද­පෙ­ර­දිග කලා­පයේ යුද උණු­සුම තව­දු­ර­ටත් පැව­තීම සැල­කි­ල්ලට ගෙන ලෝක ඛනි­ජ­ තෙල් අප­න­ය­නය කරන රට­වල සංවි­ධා­න­යෙන් (ඔපෙක්) ඉව­ත්වී­මට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අව­ධා­නය යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1960 දී පිහි­ටුවා ගත් එම සංවි­ධා­නයේ දශක ගණ­නා­වක් පැරැණි සාමා­ජි­ක­යකු වන එමි­රේට්ස් රාජ්‍යය ඉන් ඉව­ත්වීම එරට මූල්‍ය­මය වශ­යෙන් වඩාත් ස්වාධීන තත්ත්ව­ය­කට හේතු­වනු ඇතැයි බල­ශක්ති පර්යේ­ෂණ ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ ප්‍රති­පත්ති උප­දේ­ශක කැලේබ් ජසෝ ප්‍රකාශ කර තිබේ.

ඔපෙක් සංවි­ධා­නයේ තවත් ආර­ම්භක සාමා­ජි­ක­යකු වන ඉරා­නය වෙතින් එල්ල වූ ප්‍රහා­ර­ව­ලින් එමි­රේට්ස් රාජ්‍යයේ තෙල් පිරි­ප­හදු යටි­තල පහ­සු­ක­ම්ව­ලට සැල­කිය යුතු හානි සිදුවී ඇති අතර, එය එරට ආර්ථි­ක­යට බල­පැම් සිදු­වී­මටද හේතු වී තිබේ. එමි­රේට්ස් රාජ්‍යය ඔපෙක් සංවි­ධා­න­යෙන් ඉව­ත්වීම මේ සති අන්ත­යේදී සිදු­වනු ඇති බවත්, එවැනි තීර­ණ­යක් ගැනීම සඳහා එමි­රේට්ස් රාජ්‍යය වසර ගණ­නා­වක් පුරා පර්යේ­ෂණ සිදු කර ඇතැයිද වාර්තා වේ.

ලෝක බොර­තෙල් නිෂ්පා­ද­නයේ සහ අප­න­ය­නයේ ප්‍රධා­න­තම සංවි­ධා­නය වන ඔපෙක් ලොව විශා­ල­තම බොර­තෙල් නිෂ්පා­දන රට­වල් 23කින් සැදු­ම්ලත් සංවි­ධා­න­යක් වන අතර, ලෝක තෙල් සැප­යුම සහ එහි මිල නියම කරන තීර­ණා­ත්මක සංවි­ධා­න­යක් ලෙස සැලකේ.

Exit mobile version