Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුපියලේ අගය තවත් පහළට

ශ්‍රී ලංකා රුපියල දිනකදී 2.7%කින් ඉහළට - 'Bloomberg' වෙබ් අඩවිය

ශ්‍රී ලංකා රුපියල දිනකදී 2.7%කින් ඉහළට - 'Bloomberg' වෙබ් අඩවිය

මෑත කාලයේ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම රුපියල් අගය ඊයේ (24) දින වාර්තා වී තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.03ක් ලෙසත් විකුණුම් මිල රු. 321.87ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (24)දින සටහන්ව ඇත.

මේ අතර ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) ඊයේ (24) රු. 317.17ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

විදේශ විනිමය වෙළඳපොළේ මෙම වෙනස්වීම් ගෝලීය ආර්ථික තත්ත්වයන්, ආනයන-අපනයන ක්‍රියාකාරකම් සහ දේශීය මුදල් ප්‍රවාහයන් මත පදනම්ව සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් ආනයන වියදම්, ඉන්ධන මිල සහ දේශීය වෙළඳපොළ මිල ගණන් කෙරෙහිද බලපෑම් ඇතිවිය හැකි බව සඳහන් වේ.

Exit mobile version