රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ අසූ පන් දහසක් වටිනා, චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් හය දෙනෙක් (16) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම චීන ජාතිකයන් පිරිස ව්‍යාපාරිකයන් වන බව සඳහන් වේ.
ඔවුන් තායි ගුවන් සේවයේ ටී.ජී. – 307 චීන ගුවන් සේවයේ සී.ඒ. – 425 සහ තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී. – 140 දරන ගුවන් යානා වලින් ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 75,900ක් සගවා ගෙන පැමිණ ඇත.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

