මෙවර අලුත් අවුරුදු සමයේ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය ලැබූ දැවැන්ත මූල්යමය සාර්ථකත්වයේ ප්රතිලාභ මගී ජනතාවට ද ලබා දීමට සභාපති සජීව නන්දන කනකරත්න මහතා තීරණය කර තිබේ.
අප්රේල් 09වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ලංගම බස් රථවල ගමන් ගත් මගීන් සඳහා විශේෂ දිනුම් ඇදීමක් පවත්වා වටිනා ත්යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත්තේ ඒ අනුවයි.
තමන් ගමන් ගත් බස් ටිකට් පත සුරක්ෂිතව ළඟ තබා ගන්නා ලෙස සභාපතිවරයා මගී ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
ඒ අලුත් අවුරුදු කාලයේ පමණක් ලංගමට දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමිවීමත් සමගයි.

