Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහරගම නගරයේ ඇති වූ ගින්නේ පාඩුව රු. ලක්ෂ 400යි

මහරගම නගරයේ ඇති වූ ගින්නේ පාඩුව රු. ලක්ෂ 400යි

මහරගම නගරයේ ඇති වූ ගින්නේ පාඩුව රු. ලක්ෂ 400යි

මහරගම නගරයේ ඊයේ (08) උදෑසන කඩ කිහිපයක ඇති වූ ගින්නෙන් රුපියල් ලක්ෂ 400ක පමණ අලාභයක් සිදුව තිබේ.

මාධ්‍ය හමුවක් කැඳවමින්, පමුණුව අලුත් පාර රෙදි පිළි සංගමයේ සභාපති කුසුම්සිරි දසනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

“අද උදෑසන කඩ කිහිපයක ඇති වූ ගින්නෙන් ලක්ෂ 400 පමණ හානියක් අප හට සිදුවුණා. රෙදිපිළි අලෙවි සැලකින් නොවෙයි තොවිල් බඩු විකුණන තැනකින් තමයි මෙම ගින්න හට ගත්තේ. නමුත් ගින්න හටගත් විගසම එය මැඩ පැවැත්වීමට යුහුසුළුව වැඩ කටයුතු කළ ශ්‍රී ලංකා පොලීසියට නගර සභාවේ සේවකයන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාට අප ස්තූතිය පළ කරනවා. නමුත් උත්සව සමයට කිසිදු ආකාරයේ රෙදිවල අඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.”

මේ අතර ගිනි නිවන ඒකකයේ ප්‍රමාදය මෙම අධික විනාශයට හේතුව බව ප්‍රදේශවාසින් චෝදනා කරති.

Exit mobile version