Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විජේවීරගේ සහ ප්‍රභාකරන්ගේ පිළිරුවක් ජනාධිපති ලේකම් කාර්යාල තුළ හදන්න – මිහින්තලේ හිමි

ව්‍යාජ ආයතන සහ පුද්ගලයින් ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිවේදනයක්

ව්‍යාජ ආයතන සහ පුද්ගලයින් ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිවේදනයක්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පිළිරුවක් මෙන්ම එල්.ටී.ටී.ර්‍ර්. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පිළිරුවක් ජනාධිපති ලේකම් කාර්යාල තුළ ඉදිකරන මෙන් තමා ඉල්ලා සිටින බව මිහින්තලේ හිමි පවසයි.

උන්වහන්සේ මෙම අදහස් පල කළේ, ඊයේ (07) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි.

එම දෙදෙනාම මෙරට විනාශ කරා ඇඳ දැමූ පුද්ගලයින් නමුත්, මොවුන් දෙදෙනාගේ පිළිරුවක් කෞතුතුකාගාරයක් තුළ සෑදිමට අවසර ලබාදෙන ලෙසද ඉල්ලා සිටියා.

එහිදී වැඩිදුරටත් අහහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,

“රටේ ජනාධිපතිවරයා උතුරට ගිහින් එකක් කියනවා, දකුණට ගිහින් එකක් කියනවා, මැදට ඇවිල්ලා එකක් කියනවා. මේ එකක්වත් රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. අපි භාෂා දෙක තුනක් කතා කරන මිනිස්සුනේ. ඒකයි මම කිව්වේ සිංහල ළමයාට දෙමළ උගන්නන්න. දෙමළ එක්කෙනාට සිංහල උගන්නන්න.

මම ඒ කාලෙත් කිව්වා කොළඹ ලංකාවේ හැමතැනම එන යනකොට කන්න බොන්න පුලුවන් විදිහට ත්‍රිවිධ හමුදා නියෝජන කඩදාන්න.මොකද ඒවාවල ලස්සනයි පිරිසිදුයි, විනයක් තියෙනවා.

දැන් ප්‍රභාකරන්ගේ ගෙදර කෞතුකාගාරයක් කරන්න යනවනේ. මම කියන්නේ නම් අපේ රටේ විධායක ජනාධිපති මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී අනුර කුමාර දිසානායක ශ්‍රීමතාණනි, ජනාධිපතිතුමනි, ඔබතුමානේ දන් ජනාධිපති. ඔබතුමාගේ නිර්මාතෘවරයනේ රෝහණ විජේවීර. එතුමා වෙනුවෙනුත් කෞතුකාගාරයක් පිළිරුව හදන්න කෞතුකාගාරයේ. ඔබතුමාලා රජ වුනේ එතුමට පිං සිද්ධ වෙන්න නේ. අපි නම් ඒක පිළිගන්නේ නැහැ. ඒ නිසා රොහණ විජේවිරලා කියන්නේ මේ රට විනාස කරපු දෙන්නෙක්. පුලුවන් නම් රෝහණ විජේවීරටත් උපතේ සිට විපත දක්වාම කෞතුකාගාරයක් හදන්න.ඒ වගේම එහෙම බැරි නම් පිළිරුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ හදන්න.

Exit mobile version