වෙනිසියුලාවට එරෙහි සම්බාධක උල්ලංඝනය කළ බව කියන තෙල් නැවක් අමෙරිකානු නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැරිබියානු මුහුදු සීමාවේ සිට ඉන්දියානු සාගරය බලා යාත්‍රා කළ පැනමා රාජ්‍යයේ ධජය සහිත අකිලා 2 නමැති එම තෙල් නෞකාව හෙලිකොප්ටර් යානයක්ද භාවිත කරමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියානු සාගරයේදී බවත්, බොරතෙල් බැරල් ලක්ෂ 7ක් නෞකාවේ තිබූ බවත් වාර්තා වේ.
සති කිහිපයක් පුරා සිදු කළ හඹා යෑමකින් පසු කිසිදු තර්ජනයකින් තොරව නෞකාව අත්අඩංගුවට ගත් බව අමෙරිකානු නාවික හමුදාව නිවේදනය කර ඇති අතර, වෙනිසියුලාවේ තෙල් සමාගම් හිමිකරුවන් චෝදනා කර ඇත්තේ එම සිදුවීම ජාත්‍යන්තර මුහුදු කොල්ලයක් බවටය. අකිලා තෙල් නෞකාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාවට පනවනු ලැබූ සම්බාධක උල්ලංඝනය කරමින් යාත්‍රා කළ බවත්, සම්බාධක උල්ලංගනය කරමින් වෙනිසියුලාවෙන් බොරතෙල් ලබා ගැනීමට කිසිදු රටකට අවසර නොදෙන බවත් පෙන්ටගනය නිවේදනය කර තිබේ. සිය තෙල් වෙළෙඳාමට අමෙරිකාවෙන් එල්ල වී ඇති තර්ජනය හේතුවෙන් විදේශ ආයෝජන සමාගම්වලට තෙල් ව්‍යාපාරයට එක්වීමට වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය ඩෙල්සි රොඩ්රිගස් පියවර ගනු ලැබුවද, එරට තෙල් නෞකා අත්අඩංගුවට ගැනීම තවදුරටත් සිදු කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.

