Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යළි සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයාඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ(09) කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කළා.

පනත් කෙටුම්පත පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී ඇති බවද ඔහු අධිකරණයට දැනුම්දුන්නා.

රජය මෙම කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට ගත් තීරණය හේතුවෙන්, අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

Exit mobile version