Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ධීවර කේෂ්ත්‍රයේ හානිය තක්සේරුවට පංච පුද්ගල කමිටුවක්

ධීවර කේෂ්ත්‍රයේ හානිය තක්සේරුවට පංච පුද්ගල කමිටුවක්

ධීවර කේෂ්ත්‍රයේ හානිය තක්සේරුවට පංච පුද්ගල කමිටුවක්

පැවති ආපාදා තත්ත්වය හේතුවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ධීවර අමාත්‍යංශය පැවසුවේ එම තක්සේරුවෙන් අනතුරුව වන්දි ලබා දීමට කටයුතු කරන බවයි.

මේ වන විට කරදිය යාත්‍රා 300කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් යාත්‍රා 400 කට අධික සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇත.

ඒ අනුව එම හානි වූ යාත්‍රා, ධීවර රක්ෂණ වන්දිය යටතේ සහ රජය විසින් හඳුන්වා දී ඇති අඩු පොලී ණය යෝජනා ක්‍රම යටතේ නැවත සකසා දීමට කටයුතු කරනු ඇත.

එමෙන්ම ධීවර දැල් විනාශ වූ කරදිය ධීවරයින් 1,205 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වවුචරයක් සහ මිරිදිය ධීවරයින් 6,000කට ආසන්න පිරිසක් සඳහා රුපියල් 75,000ක ආධාරයක්ද ලබා දීමට නියමිතය.

මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ වැව් 699ක මත්ස්‍ය ගහනය වාර දෙකකින් නැවත ස්ථාපිත කිරීමට හා විසිතුරු මසුන් නිෂ්පාදකයින්ට නව මව් සතුන් ලබා දීමටත් ධීවර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

Exit mobile version