Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට

ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට

ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය ඩග්ලස් දේවානන්ද මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය ලැබුණු ආකාරය හෝ අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version