Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රෝහල් 8ක ඉදිකිරීම් යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය

රෝහල් 8ක ඉදිකිරීම් යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය

රෝහල් 8ක ඉදිකිරීම් යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය

සෞඛ්‍ය සේවා ආයතනවල නැවතී තිබූ ඉදිකිරීම් කටයුතු යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ

කෑගල්ල මූලික රෝහලේ අනතුරු හා හදිසි වාට්ටු සංකීර්ණය, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය, රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ගොඩනැගිල්ල, රාගම පුනරුත්ථාපන රෝහලේ නව සායන ගොඩනැගිල්ල ඉදිකිරීම, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මිලේනියම් වාට්ටුවේ මූලික ප්‍රතිකාර ඒකකය සහ අතුරු වෛද්‍ය සේවා ගොඩනැගිල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 10කින් යුත් ශල්‍ය වෛද්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණය සහ පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම යන ව්‍යාපෘතිය සඳහායි.

පසුගිය කාලයේ පැවැති කෝවිඩ් වසංගතය සහ ඊට පසුව උද්ගත වූ ආර්ථික අර්බුද හේතුවෙන් එවකට පැවති මහා පරිමාණ ව්‍යාපෘති නැවත ක්‍රමෝපායකරණ සහ වේගවත් කිරීම් කමිටුවේ (RAMP) නිර්දේශ පරිදි සෞඛ්‍ය සේවා ආයතනවල සිදු කරමින් පැවති ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

දැනට පවතින සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ වැඩි වන සෞඛ්‍ය සේවා ඉල්ලුම පිළිබඳව සැලකිල්ලට ගනිමින් විවිධ ඉදිකිරීම් අදියරයන්හි පවතින එකී ව්‍යාපෘති සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, දැනට වැඩ අවසන් කර නොමැති එම සෞඛ්‍ය ආයතනයන් හී යටිතල පහසුකම් ව්‍යාපෘති 08ක මුළු පිරිවැය ඇස්තමේන්තු සහ කාලරාමු සංශෝධනය කරමින්, ඒවායේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Exit mobile version