Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත කර ඇති පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් පිළිබඳව සහ පළාත් සභා සඳහා ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදානයන් එක් එක් පළාත් සභා වෙත වෙන් කර දීමේදී අනුගමනය කළ යුතු මූලධර්ම පිළිබඳව නිර්දේශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මුදල් කොමිෂන් සභාව වෙත පැවරී තිබෙයි.

ඒ අනුව, 2026 ජාතික අයවැයෙන් පළාත් සහා සඳහා වෙන් කෙරෙන ප්‍රාග්ධන ප්‍රදාන පළාත් සභා අතර වෙන් කර දිය යුතු ආකාරය පිළිබඳව සහ පුනරාර්වර්තන වියදම් ගැලපීම පිළිබඳව මුදල් කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි

එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (7) අනු ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එම නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙයි.

Exit mobile version