ඉන්දියාව පළමුවරට ජෙට් යානා ඉන්ධන අපනයනය අමෙරිකාවට සිදුකළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සැපයුම් හිඟය පිරවීම සඳහා මේ දුර්ලභ අවස්ථාව ඉන්දියාවට හිමි වී ඇත්තේ දකුණු කැලිෆෝනියාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි චෙව්රොන් සමාගමට අයත් එල් සෙගන්ඩෝ තෙල් පිරිපහදුව පසුගිය මාසයේ ගින්නකින් විනාශ වීම හේතුවෙන් බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් දිනකට තෙල් බැරල් 2,85,000ක් නිකුත් කරන එල් සෙගන්ඩෝ තෙල් පිරිපහදුවේ වැඩකටයුතු බිඳ වැටීමෙන් පසු ලොස් ඇන්ජලීස් නගරයට ඉන්ධන සැපයුම් සඳහා විකල්ප භාවිත කිරීමට එම සමාගමට සිදු වී ඇතැයිද වාර්තා වේ. ඉන්දියාවේ වෙළෙඳ මූලාශ්‍ර සහ නැව්ගත කිරීමේ දත්තවලට අනුව එරට රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් පිරිපහදුව පවත්වාගෙන යන ජාම්නගර් හි වරායෙන් පසුගිය මස අගභාගයේදි ජෙට් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 60,000ක් නැව්ගත කර ඇතැයිද, ඒ සඳහා කුලියට ගත් කාසල්ටන් කොමොඩිටීස් නැව් සමාගමට අයත් නෞකාව ලබන දෙසැම්බරයේ මුල් භාගයේදී ලොස් ඇන්ජලීස් නුවරට සේන්දු වනු ඇති බවත් වාර්තා වේ.

