Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බිලියන 12ක වියදමින් ජාතික හද­වත් මධ්‍ය­ස්ථා­නයක්

බිලියන 12ක වියදමින් ජාතික හද­වත් මධ්‍ය­ස්ථා­නයක්

බිලියන 12ක වියදමින් ජාතික හද­වත් මධ්‍ය­ස්ථා­නයක්

ජන­තා­වගේ සෞඛ්‍ය තත්ත්වය නැංවී­මට ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජාතික හද­වත් මධ්‍ය­ස්ථා­නය ඉදි­කි­රීම ඇතුළු යෝජනා 09ක් සඳහා කැබි­නට් අනු­මැ­තිය හිමිව තිබේ.

ඒ අනුව හෘද රෝග සඳහා අවශ්‍ය සියලු නවීන සම්පත් ඇතුළු මහල් 16කින් සම­න්විත අදි­යර දෙකක් යටතේ මෙම ජාතික හද­වත් රෝහලේ ස්ථාපිත කරන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඉකුත් අඟහරුවාදා (18) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

මේ සඳහා ඉදිරි වසර තුනේ ද මිලි­යන දොළො­ස්දාස් අසූ­වක් විය­දම් කිරී­මට අපේක්ෂා සහි­තව ලබන වසරේ වැඩ කට­යුතු ආරම්භ කිරී­මට රුපි­යල් මිලි­යන 200ක් අය-වැය යෝජ­නා­වක් විදි­යට වෙන් කළ බව ඇමැ­ති­ව­රයා කීවේය. හෘද රෝග සඳහා පව­තින තද­බ­දය අවම කිරීමේ අර­මු­ණින් ජාතික හද­වත් රෝහල ක්‍රියා­ත්මක කරන බවද ඒ මහතා කියා සිටි­යේය.

රටේ සිදු වන මර­ණ­ව­ලන් 83%ක් බෝ නොවන රෝග­ව­ලින් සිදු වන බව පැවසූ ඇමැ­ති­ව­රයා, 40%ක් පමණ හෘදය වස්තුව ආශ්‍රිත රෝග­ව­ලින් මර­ණ­යට පත්වන බව පැව­සීය. වසර තුනක් තුළ මෙහි ඉදි­කි­රීම් කට­යුතු අව­සන් කරන බවත් ඒ සඳහා රුපි­යල් මිලි­යන 12,000ක් වැය කිරී­මට නිය­මිත බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

Exit mobile version