Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බීබීසී ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස් වේ.

බීබීසී ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

බීබීසී ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ‍ප්‍රධානි ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වී තිබේ.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ප්‍රෙක්ෂකයින් නොමග යැවීමේ චෝදනා හේතුවෙනි.

2021 වසරේ අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ කථාවක් සංස්කරණය කිරීමේදී එය ජනතාව නොමග යන ආකාරයේ සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දෝෂාරෝපණ එල්ල වී ඇතැයි වාර්තාවේ.

බීබීසී ‘පැනොරාමා’ නමැති වැඩසටහනේදී ජනාධිපතිවරයාගේ කථාවක් සංස්කරණය කර ඇත්තේ, ඔහු විසින් ජනතාව උසිගැන්වීමේ අරමුණින් සිදු කරන ලදැයි හැඟී යන ආකාරයෙනි.

නමුත්, එහිදී ජනාධිපතිවරයාගේ කථාව ආරම්භයේ සහ අවසානයේ කොටස් දෙකක් එකතු කර වැරදි අර්ථදැක්වීමක් වන පරිදි එය සංස්කරණය කර ඇති බව හෙළි වී ඇත.

මෙම වරද හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව බීබීසී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ.

එසේම, බීබීසී ප්‍රවෘත්ති ප්‍රධානි ඩෙබෝරා ටර්නස්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ, ප්‍රවෘත්ති පක්ෂග්‍රාහී සහ ව්‍යාජ ඒවා බවටය.

Exit mobile version