Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 පනී

ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 පනී

ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 පනී

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේ දී එකතු කරන ලද බදු ආදායම ඉකුත් බ්‍රහස්පතින්දා දින (30) සවස වන විට රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්ම වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මේ අනුව 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ලඟාවෙමින් පවතී.

ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින් වසරක දී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්තාගත ආදායම ලබා ඇත.

මෝටර් රථ වලින් ලබා ගත් රුපියල් බිලියන 630ක් මෙම ආදායමට අන්තර්ගත වී ඇත.

වසර අවසාන වන විට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක් පමණ අතිරේකව එක්‍ රැස් කරගත හැකිවනු ඇති බවට රේගුව විශ්වාසය පළ කරයි.

Exit mobile version