Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණියේ) නිලධාරියකුවන ධම්මික රණතුංග මහතා ඊයේ(09) වැඩ භාරගත්තේය.

2000 වසරේ දී පරිපාලන සේවයට එක්වූ ධම්මික රණතුංග මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියද ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳ පශ්චාත් උපාධියද ඒ මහතා හිමිකරගෙන ඇත.

රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ තනතුරු දරා ඇති ඒ මහතා මෙම ධූරයට පත්වීමට පෙර, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන්ද කටයුතු කර ඇත.

Exit mobile version